Connect with us

International

දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි.

Published

on

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර විදේශිකයන් 19 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 70 කට අධිකයි. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔහු විපතට පත්වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළ ඇති අතර, තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ලැබේවායිද ප්‍රාර්ථනා කරන බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. එමෙන්ම ඉදිරියේදී මෙවන් ව්‍යසන සිදු නොවීමට වගබලාගන්නා ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් දී තිබෙනවා. මෙම සිද්ධියේ දී මියගිය අය වැඩි පිරිසක් යොවුන් වියේ පසුවන යෞවනයන්. දකුණු කොරියාවෙන් මීට පෙර මෙවැනිම ශෝකජනක සිද්ධියක් 2014 වසරේදී වාර්තා වූ අතර, එහිදී මගී යාත්‍රාවක් පෙරළීමෙන් උසස් අධ්‍යාපනය ලබන සිසුන් 304 දෙනෙකු මියගොස් තිබුණා.

Continue Reading