International
ට්‍රම්ප් සහ හැරිස් තම අවසාන ප්‍රචාරණ කටයුතු වල
අමෙරිකාව සිය මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන වග හෙට (05) තීරණය කිරීමට නියමිතයි.
ඊට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් තම මැතිවරණ ප්රචාරණයේ අවසාන දිනයේ දී ඡන්දදායකයින් වෙත ඔවුන්ගේ අවසාන පණිවිඩ ප්‍රකාශ කරමින් සිටින බව සඳහන්.
අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රධාන ප්‍රාන්ත හරහා අවසන් ගමනක යෙදී සිටින අතර හැරිස් අද පෙන්සිල්වේනියාවේ ප්රචාරක කටයුතු සඳහා සහ ට්‍රම්ප් උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් වෙත ගමන් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
හැරිස් සහ ට්‍රම්ප් ධවල මන්දිරය සඳහා වන ඔවුන්ගේ සටනේදී එකිනෙකට වෙනස් පණිවිඩ ඉදිරිපත් කරන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
නමුත් දෙදෙනා අතර තවමත් ඉතා තියුණු තරඟයක් පවතින අතර මිලියන 75 කට වැඩි පිරිසක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් සඳහන්.
2024 ජනපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා 2025 ජනවාරි 20 සඳුදා එක්සත් ජනපද ඉතිහාසයේ 60 වැනි ජනාධිපති ලෙස කැපිටල් සංකීර්ණ භූමියේදී දිවුරුම් දෙනු ඇති.