Connect with us

International

චීනෙන් ශ්‍රී ලංකාවට එන නැව ගැන ඉන්දියාව උකුසු ඇස් දිගු කරයි.

Published

on

චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාව අගෝස්තු 11 වන දා මෙරට හම්බන්තොට වරායට පැමිණිමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. චිනයේ ජියෑන් ඉන් වරායෙන් පසුගිය ජූලි 13 වන දා පිටත්වු එම නෞකාව මේ වනවිට නැගෙනහිර චින මුහුදු ප්‍රදේශයේ යාත්‍රා
කරමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ අදාළ පහසුකම් ලබා ගැනීමෙන් පසුව සතියක කාලයක් රැදි සිටිමින් ඉන්දියන් සාගරයේ වයඹ දිග මුහුදු ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරික්ෂණය , චන්ද්‍රිකා පාලනය සහ අනෙකුත් පර්යේෂණ කටයුතු සිදු කිරිමට නියමිත බවයි. එවන් පසුබිමක මෙම නෞකාව ශ්‍රි ලංකාවට පැමිණිම ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථීකයට බලපෑමක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අරින්දම් බග්චි මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබුණා.

Continue Reading