Connect with us

International

ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ පාකිස්ථාන මාධ්‍යවල විකාශය කිරීම තහනම් කෙරේ.

Published

on

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් විකාශය නොකරන ලෙසට පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය එරට මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඉම්රාන් ඛාන් චෝදනා කර සිටියේ පාකිස්ථානයේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන ෂෙබාස් ෂරීෆ්ගේ අනුදැනුම මත අදාළ වෙඩිතැබීම සිදුව ඇති බවටයි. එම ප්‍රකාශයෙන් අනතුරුව පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය විසින් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමිනි මෙම තහනම පනවා ඇත්තේ.