International
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පිපිරීමෙන් 10 දෙනෙකු මරුට
අද අළුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
නැගෙනහිර නුසා ටෙන්ගාරා පළාතේ ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවෝටෝබි ලකි-ලකි කන්ද දේශීය වේලාවෙන් 23:57 ට පුපුරා ගොස් ඇති බවයි ගිනිකඳු හා භූ විද්‍යාත්මක ආපදා අවම කිරීමේ ඉන්දුනීසියානු මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ.
ගිනි කඳු ආවාටයේ සිට කිලෝමීටර් 4ක් (සැතපුම් දෙකක්) පමණ දුරින් පිහිටි ගම්මානවලට ගිනි ලාවා සහ පාෂාණ වැදී නිවැසියන්ගේ නිවාස පිළිස්සී හානි සිදුව තිබෙනවා.
ප්‍රාදේශීය නිලධාරීන් පවසන්නේ මෙම, පුපුරා යාම ගම්මාන හතකට බලපා ඇති බවයි.
ඉන්දුනීසියානු බලධාරීන් ගිනි කන්දේ තත්ත්වය ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම දක්වා ඉහළ නංවා ඇති අතර, ආවාටයේ සිට කිලෝමීටර් 7 ක ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ඉවත් කළ යුතු බවට අනතුරු අඟවා තිබෙනවා.
ඉදිරි දින 58 සඳහා පළාත් පාලන ආයතනය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර මධ්‍යම රජය පීඩාවට පත් පදිංචිකරුවන් 10,000 කට ආධාර ලබා දීම ආරම්භ කර ඇති බව සඳහන්.