Connect with us

International

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට.

Published

on

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේදී එම ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදී ඔවුන් ගමන් කරමින් සිටි යාත්‍රාව සඳහා ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්නද නාවික හමුදාව භාරයට ගෙන තිබේ. සිය භාරයට ගත් එම ධීවරයින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගයට රැගෙන ඒමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදෙන බව නාවික හමුදාව සඳහන් කළේය.

Continue Reading