Connect with us

International

ආසියානු කුසලාන තරගාවලියේ දෙවන සුදුසුකම් ලැබීමේ තරගය ලෙස කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) අතර පැවති තරගයෙන් කුවේට් කණ්ඩායමට තියුණු ජයක් හිමිවෙයි !

Published

on

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

එමෙන්ම ඕමානයේ සත්කාරකත්වය යටතේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ඊයේ (20) ආරම්භ වුවා. UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවල මෙහි සුදුසුකම් ලැබීමේ තරග වටය ක්‍රීඩා කරන අතර එහි දෙවන තරගය ලෙස කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායම් අතර අද පැවති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට කුවේට් කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කුවේට් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා UAE කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් UAE කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් වුණා.

UAE වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Chirag Suri පන්දු 61කදී ලකුණු 88ක් වාර්තා කිරීමට සමත් වුනා. Muhammad Waseem ලකුණු 35ක් රැස් කළ අතර Vriitya Aravind ලකුණු 33ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shiraz Khan, Sayed Monib සහ Mohamed Shafeeq එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 174ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කුවේට් පිතිකරුවන් පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 177ක් වාර්තා කර තරගය ජයග්‍රහණය කළා.

කුවේට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ක්‍රීඩක රවිජ සඳරුවන් ලකුණු 34ක් රැස් කල අතර Meet Bhavsar ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී Basil Hameed කඩුලු දෙක බැගින් 3ක් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්