Connect with us

International

ආසියානු කුසලානයේ දී සිංහයන් පළඳින නිල ජර්සිය

Published

on

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය. ඒ අනුව එළඹෙන සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේදී මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට සියල්ල සුදානමෙන් පවතී. මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පළඳින නිල ජර්සිය මාධ්‍යට නිරාවරණය කර තිබෙනවා. මෙවර ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහයකත්වය දරනු ලබන්නේ Fair Play News සමාගමයි. ශ්‍රී ලංකා ධජයේ වර්ණ නිසි ලෙස සංකලනය කරමින් මෙවර ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා නිළ ජර්සිය නිමවා තිබෙනවා.