Connect with us

Local News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරයි

Published

on

විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“සාර්ථකව සිද්ධ වෙනවා. විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් තරුණ පිරිස් අතර විශාල උනන්දුවක් තියෙනවා. අපි හිතුවාට වඩා උනන්දුවක් තියෙනවා.

මාධ්‍යවේදීයා – ඔබතුමා නාමයෝජනාවලට අත්සන් තැබුවා ද.?

කිරිඇල්ල – මම අවුරුදු 36ක් හිටියානේ. දැන් විවේක සුවයෙන් ඉන්නත් එපැයි. අවුරුදු 36ක් කියන්නෙත් දීර්ඝ කාලයක්. අපි තරුණ කට්ටියටත් අවස්ථාව දෙන්න එපැයි.

පවුලේ තරුණ අයෙක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් කරනවා ද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබා‌දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියාසිටියේ, අද දින ඊට පිළිතුරු ලබා දෙන බවයි.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් විවේක සුවයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු අනාවරණ කළා.