Connect with us

Breaking News

නිරෝෂන් සජිත්ගේ වේදිකාවට

Published

on

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් ඊයේ (28) තංගල්ලේ පැවති ජන රැළිය අමතා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙසින් ජන රැළියේ නිවේදකයා විසින් ඔහු ජනතාවට හදුන්වා දී තිබුණි.

මෙහිදී රැළිය ඇමතු නිරෝෂන් ප්‍රේමරත්න මහතා ,මෙරට සිටින හතළිස් ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරණයේදී ජන්දය පාවිච්චි කරන අයුරු තීරණය කර නොමැති බවත් ඒ වාමවාදී, ජාතිකවාදී ජන්ද බවත් එම ජන්ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට අද සිට කැප වන බවත් පවසා තිබේ.

පසුගිය ජූලි මස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කළ ද අගෝස්තු මස 27 වන දින එම තනතුරින් ඉවත් වන බව දැනුම් දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් නිරෝෂන් මහතා පවසා තිබුණේ පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් සමකාලීන ඇතැම් පුද්ගලයින් දක්වන අකමැත්ත සහ පසුගාමී බව නිසා මෙලෙස තනතුරින් ඉවත්වන බවය.