Connect with us

Local News

ජුලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළ නගී

Published

on

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජූලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී ආහාර කාණ්ඩයේ මිල ගණන් වල ඉහළ යාම 90.9%ක් බවයි ජන ලේඛන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, පසුගිය ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළා.
එසේම, මේ වනවිට මෙරට දියර කිරි නිෂ්පාදනය සියයට 19.8 කින්, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1 කින් සහ බිත්තර නිෂ්පාදනය සියයට 34.9 කින් පහළ ගොස්ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.