Connect with us

Local News

එළවළු මිල පහතට

Published

on

එළවළු වෙළඳසැල්වල තොග සහ සිල්ලර මිල ගණන් ඉහළ යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල විශාල වශයෙන් පහත ගොස් තිබෙනවා. එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර ඊට සාපේක්ෂව එළවළු මිල පහත වැටී ඇති බවයි වෙළඳුන් පවසන්නේ. කෙසේ වෙතත්, ගොවීන් ප්‍රකාශ කළේ වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ එළවළු මිල ද අඩුවීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි. ඒ අනුව, බෝංචි, ලීක්ස්, කැරට්, ඇතුළු එළවළු කිහිපයකම මිල පහත බැස ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සිදුකළ
විමසීමකදී වෙළඳුන් පෙන්වා දෙන්නේ. මේ අතර, කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගම් නියෝජිතයින් පවසන්නේ එළවළු මිල අද දිනයේදී සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි.
මේ අතර, ඉන්දියාවේ සිට මෙරටට බඩු භාණ්ඩ රැගෙන එන කුඩා ව්‍යාපාරිකයින් පිරිසක් රේගු මූලස්ථානය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසන්නේ අගෝස්තු 9 වනදා සිට ගුවන් මගින් මෙරටට බඩු බාහිරාදිය රැගෙන එන සුළු ව්‍යාපාරිකයින්ට ඒවා රැගෙන නොඑන ලෙසටත් ඒවා රාජසන්තක කරන බවටත් ශ්‍රී ලංකා රේගු මගින් දන්වා ඇති බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ කපිල අධිකාරි කියා සිටියේ උණ්ඩියල් ක්‍රමයට වෙළදාම් කිරීම නතර කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.