Local News
ශ්‍රී ලංකා රේගුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
පී.බී.එස්.සී නෝනිස් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබෙන බවට වාර්තා වනවා. ඔහු මීට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස ද කටයුතු කළා. මේ අතර, දේශිය ආදායම් කොමසාරිස් ලෙස ඩී.ආර්.එස් හපුආරච්චි පත්කර තිබෙනවා. මීට අමතරව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා පත් කර ඇත්තේ, ඩබ්ලිව් ඒ සත්කුමාර යි.
