Local News
අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ, සංශෝධනයට අනුව අමාත්‍යාංශ සේවා වියදම රුපියල් බිලියන 3275.8ක් දක්වා ඉහළ දමා ඇති අතර එය, මීට පෙර මේ වසර (2022) සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා රුපියල් බිලියන 929.4ක වැඩිවීමක්. ඊට අමතරව රජයේ ණය සීමාව රුපියල් බිලියන 3200 සිට රුපියල් බිලියන 4082ක් දක්වා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ඉහළ දමා තිබෙන අතර, ඇස්තමේන්තුගත ණය සේවාකරණ නව වියදම රුපියල් බිලියන 2901ක් වනවා. මෙම මූලික ආදායම් සහ වියදම්වලට යටත්ව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය තුළින්,
◾ සැප්තැම්බර් දෙවැනිදා සිට එකතු කළ අගය මත බදු 12% සිට 15% දක්වා වැඩි කිරීම.
◾ හඳුන්වා දුන් නව ආදායම් යෝජනා ඔක්තෝබර් 1 දා සිට ක්‍රියාත්මක කිරීම.
◾ එමගින් මුදල් අච්චු ගැසීම ද ක්‍රමයෙන් අඩු කර ගැනීමට බලාපොරොත්තු වීම.
◾ ආදාය වැඩිකර ගැනීම සඳහා වන නව යෝජනා 2023 අයවැය ඉලක්ක කරගෙන ඉදිරිපත් කිරීම.
◾ බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා බදු පරිපාලනය කිරීම.
◾ වයස අවුරුදු 18 ට වැඩි සියලු ම දෙනා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට යෝජනා කිරීම.
◾ මේ ගොවි ඵලදායිතාව කාර්යක්ෂම කිරීම සඳහා පරිපාලනය ශක්තිමත් කිරීම.
◾ බදු නොවන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කිරීම.
◾ අප රටේ ඛනිජ සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමට දියුණු තාක්ෂණය සහිත බද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම සඳහා විදේශ සමාගම් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කිරීම.
◾ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවාකරණය සහ සමාජ ආරක්ෂණය සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කිරීම.
◾ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණය වැළැක්වීම සඳහා බලය සහිත අධීක්ෂණ ජනරාල්වරයෙකු පත් කිරීම.
◾ චංචල හා නිශ්චල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම.
◾ තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවලට ඒකාබද්ධ කිරීමට කටයුතු කිරීම.
◾ ජන සේවා කාර්යක්ෂම කිරීම සඳහාත් ආදායම් කඩිනම් කිරීම සඳහාත් ඔන්ලයින් සේවා සැපයීමට පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීම.
◾ කාර්යක්ෂම වියදම් කළමනාකරණය සඳහා රාජ්‍ය සේවකයන් කළමනාකරණය කිරීමට යෝජනා කිරීම.
◾ වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය ලබා දීම.
◾ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතනවල සේවකයන් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කිරීම.
◾ රාජ්‍ය කටයුතු සඳහා ෆොසිල ඉන්ධන දායක කරගෙන ධාවනය කරන කරන වාහන මිලදී ගැනීමෙන් වැලකීම.
◾ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම අඩාල කෙරෙන මුරණ්ඩු තීරණ ගැනීමෙන් වැළකිය යුතු ව තිබෙනවා. මේ සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති සම්පාදනය කිරීම.
◾ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේශපාලනීකරණය කිරීමෙන් වැලැක්වීම.
◾ රාජ්‍ය ආයතන වල ගොඩ ගැසී ඇති අබිලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ථ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා මහා භාණ්ඩාගාර ඇතුළු කමිටුවක් පත් කිරීම.
◾ ස්වාධීනව ක්‍රියාත්මක කෙරෙන මාසික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටු වීම.
◾ රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් සියයට 20ක ප්‍රමාණයන් තැන්පතුකරුවන් සහ සේවකයින් වෙත ලබා දීම.
◾ ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට විස්සක් තැන්පතුකරුවන්ට සහ සේවකයන්ට ලබා දීමට යෝජනා කිරීම.
◾ සුභසාධන වැඩසටහන් වඩා හොඳින් ඉලක්ක ගත කිරීම සඳහා කටයුතු කරන අතර ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමෙන් සෘජුවම මුදල් ලබාදීමට කටයුතු කිරීම.
◾ කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම සහ වගා නොකිරීම නිසා පීඩාවට පත්වූ අය සඳහා අමතර මාසික දීමනාවක් ලබා දීමට රජය රුපියල් මිලියන තිස් එක් දහසක් පමණ වැය කර සිදු කරන වැඩසටහන ඉදිරි මාස 4 තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.
◾ ගැබිනි මවුවරුන් සඳහා විසි දාහක දීමනාවට අමතරව රුපියල් දෙදහසක 2000 ක දීමනාවක් ද ලබා දීම.
◾ ආහාර සුරක්ෂිත පවුල් හැට දාහක් සිටිනවා. ඉදිරි මාස 4 සඳහා එවැනි පවුලකට මසකට රුපියල් දස දහසක් ලබා දීමට කටයුතු කිරීම.
◾ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 46600 ක මුදලක් වෙන් කිරීම.
◾ ධීවර රැකියා රැකියා වල නියුතු අයටත් වතුකරයේ නිරත ජනතාවට සහන සැලසීමට කටයුතු කිරීම. ◾ රෝපණ ද්‍රව්‍ය සහ බීජ සැපයීම සදහා සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වැඩසටහන සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කිරීම.
◾ රැකියා විරහිත අය සඳහා අක්කර 20 ක බිම් කොටස් බැගින් වෙන් කර කෘෂිකාර්මික සහ සත්ව පාලන වැඩ කටයුතු සඳහා ලබාදීමට රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කිරීම.
◾ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හඳුන්වා දීම.
◾ කෘෂිකාර්මික බෝගවල අලෙවිය හා කල් තැබීම දියුණු කිරීම මගින් අපතේ යාම වැළැක්වීමටත්, දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන ආහාර අමුද්‍රව්‍ය ඇසුරුම්කරණ සඳහා උසස් තාක්ෂණය සහිත මඟ ආනයනය කිරීමේ දී කිරීමේ දී තීරු බදු වලින් 50% ක සහනයක් ලබා දීම.
◾ 2023 අවසානය වන විට වසරකට එන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්කයක් තබා ගැනීම.
◾ විදේශ සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකාව ද විශ්ව විදේශ සිසුන් මෙත අධ්‍යාපන මහා දීම සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරි ගැන්වීම.
◾ සමාගම් පනත සහ විශ්වවිද්‍යාල පනත හරහා විශ්ව විද්‍යාල ඇති කිරීමට කටයුතු කිරීම.
◾ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජකයන්ගේ සම්පත් ලබා දීමෙන් රජයේ වියදම් ඉතිරි කර ගැනීම.
◾ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පිහිටුවීම.
◾ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ස්වයං රැකියා සිදු කරන්නන්ට තාක්ෂණික සහ විධිමත් පුහුණුවක් ලබා දීමට රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ප්‍රජාව සවිබල සවිබල ගැන්වීම සඳහා ඒකකයක් පිහිටු වීම.
◾ උඩරට ප්‍රදේශවල සිට ප්‍රවාහනය කරන එළවළු පලතුරු හා මල් වගාව වගාවල නියුතු ගොවීන්ගේ පහසුව සඳහා දුම්රිය මගීන්ම ගින් භාණ්ඩ ප්‍රවාහනය දිරිගැන් වීම සඳහා ආරම්භයක් ලෙස හාලිඇල සිට කොළඹ කොටුවට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් යෙදවීමට රුපියල් මිලියන දෙසීයක් වෙන් කිරීම.
◾ කැලණිවැලි දුම්රිය සේවය නවීකරණය කිරීමට කටයුතු කිරීම.
◾ ජාතික අපනයන උපාය මාර්ගයට රජය සහාය ලබා දෙනවා. එමෙන්ම පුළුල් කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහය නැවත ආරම්භ කිරීම.
◾ දීමනා පත්‍ර වලින් ලබා දී තිබූ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ක්‍රමයක් සකස්කිරීම.
◾ එතෙර ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් ඇති කිරීම.
◾ එතෙර සිටින සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනා සම්බන්ධ කරගෙන එතෙර ශ්‍රී ලාංකික අරමුදලක් පිහිටුවීම.
◾ විදුලියෙන් ක්‍රියාත්මක කරන පාපැදි දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීම.
◾ දේශීය විදුලි පාපැදිය නිපදවීමේ ආනයනික ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම
◾ දූෂණය සඳහා අපේ අවස්ථා මග හරවීම සඳහා තාක්ෂණය මුසු කර ගැනීමට කටයුතු කිරීම.
යන යෝජනා ජනපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා.