Connect with us

Local News

හදිසි නීතිය සංශෝධනය වේ.

Published

on

හදිසි අවස්ථා නියෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සංශෝධනය කර තිබෙනවා.
ඒ පෙරේදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. ජූලි මස 18 වනදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශිත හදිසි අවස්ථා නියෝග ජූලි මස 21 වනදා යළි සංශෝධනය කරනු ලැබුවා. පෙරේදා නිකුත් කළ සංශෝධිත ගැසට් නිවේදනය අනුව පොලිස් නිලධාරීන් හා සන්නද්ධ හමුදා වෙත සෝදිසි කිරීම් සහ
අත්අඩංගුවට ගැනීමට අදාළව හදිසි නීති රෙඟුලාසි යටතේ බලය පවරා තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ), සහ 365 (ආ) හි දැක්වෙන අස්වාභාවික, දරුණු ලිංගික අපචාර යන වැරදි ඉන් ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් නව සංශෝධිත ගැසට් පත්‍රය මගින් අදාළ ආරක්ෂක නිලධාරීන් වෙත සෝදිසි කිරීමට හා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි කිහිපයක් අලුතින් ඇතුළත් කර ඇති බව සඳහන්. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 408 සහ 410යේ සිට 420 දක්වා වන මහජනතාවට සහ මහජන දේපල වලට අලාභහානි සිදු කිරීමට අදාළ වැරදියි.