Connect with us

Local News

සමන්තා පවර් දිවයිනට පැමිණෙයි.

Published

on

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 664 දරන යානයෙන් පෙරවරු 9ට ඇය දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඇය ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින්. ඇයගේ මෙම තුන්දින නිල සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණදෙන අර්බුදකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කර එය යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමයි. එමෙන්ම මෙරට වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද ඇයගේ මෙම සංචාරයේ දී අවධානය යොමුවනු ඇති. ඇය මෙරට රැඳී සිටින කාලය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. තුන්දින නිල සංචාරය අවසන් කරමින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් ඇතුළු දූත පිරිස අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.