Connect with us

Local News

දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලයි

Published

on

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

එමඟින් මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බව NPP ය මැතිවරණ රැස්වීම්වලදී සඳහන් කළ බවත්, එම අගය ලීටරයක් සඳහා රුපියල් 150 ක් ව පවතින් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතු නිසා පොරොන්දු වූ පරිදි බදු ඉවත් කර, හැකි නම් ඩීසල් ලීටරයක් ​​රුපියල් 100 කට ලබා දෙන ලෙසත් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතිය පළ කර ඇති බව සඳහන්.