Connect with us

Breaking News

ණය ගැනීම ආර්ථිකය කඩාවැටීමට හේතුවක් බව ජනපති කියයි

Published

on

නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් එය ඉටුකීරීම සඳහා ණය ගැනීම මත මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලනයද කඩා වැටුණු බවය.

යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින් සමඟ ඊයේ (02) පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පෙර සිදුවූ වැරදි යළි සිදුනොවීමට වග බලාගනිමින් නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ගොඩනැගීම සඳහා ගන්නා උත්සාහයට දායක වීම මෙරට විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.