Connect with us

Local News

ජනාධිපති යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක.

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පෙරවරුවේ පැලවත්ත – අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය යි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ඇතුළු පිරිසක් ද එක්ව සිටි බව හිරු වාර්තාකරු කියා සිටියා. එහි දී ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා ආචාර පෙළපාලියක් ද පවත්වනු ලැබූ අතර, අනතුරුව ජනාධිපති ප්‍රණාම සහතික පත් ප්‍රදානයක් ද සිදු කෙරුණා.