Connect with us

Local News

ජනපතිගෙන්, ගීතාගේ අමාත්‍යංශය සීතාට

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබෙනවා.

ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව යි.

ජනාධිපතිවරයා විසින් ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ (10) ඇය විසින් එතෙක් දැරූ කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර එම ධුරය සීතා අරඹේපොළ රාජ්‍ය අමාත්‍යවරිය වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව අද ඇය සෞඛ්‍ය, කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි දිව්රුම් දී ඇත්තේ.