Local News
චීන ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම අප ඉදිරියේ ඇති බරපතළම අභියෝගයයි – ජනාධිපති කියයි.
ණය සහන පිළිබඳ සිය ස්ථාවරය කැපී පෙනෙන ලෙස වෙනස් කරන මෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ ප්‍රමුඛතම ආර්ථික සඟරාවක් වන නික්කි ඒෂියා (Nikkei Asia) වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබෙනවා. එහි දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ එවැනි ගනුදෙනුවකට එළඹීම සරල කාර්යයක් නොවන බවයි. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය වෙත කරන මෙම ආයාචනය, විදේශ සංචිත හිඟයෙන් හ අත්‍යාවශ්‍ය ආහාර හිඟයෙන් මිරිකී නැවත ආර්ථිකය ගොඩනැගීමට උත්සාහ කරන රටේ මූල්‍ය කණ්ඩායමට නායකත්වය දෙන ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බලවත්ම අභියෝගය ලෙසයි ඔවුන් හදුන්වන්නේ. අද (24) මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවැත්වෙන අලුත් සාකච්ඡා වටයේදී මෙම ප්රයත්නයේ නව පියවරයන් ප්රමුඛව සාකච්ඡාවට ගැනෙනු ඇති. මෙහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සියලුම ණය හිමියන්ට සමාන වන ලෙස සිදු කිරීමේ අවශ්‍යතාවය අපි චීන රජයට දන්වා ඇතැයි මෙහිදී ජනාධිපතිවරයා නික්කි ඒෂියා (Nikkei Asia) වෙත වැඩිදුරටත් පවසා තිබෙනවා. “චීනය, ඇත්ත වශයෙන්ම, වෙනස් ප්‍රවේශයක් අනුගමනය කර ඇත, එබැවින් අනෙකුත් ණයහිමියන්ගේ පාර්ශ්වයන්ට චීනය සමඟ ඇති කර ගත හැකි ගිවිසුම කුමක්ද යන්න ප්‍රශ්නයක්” ඔහු තමන් හමුවේ ඇති අභියෝගය පැහැදිලි කරමින් කියා සිටියා. එමෙන්ම ඔහු මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කළේ චීනය ණය ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවට එම ණය ගෙවා දැමීමට සඳහා අලුත් ණයක් ලබා දීමට සිදු කරන ලද යෝජනාව තරමක් සංකීර්ණ සහ ශ්‍රී ලංකාව පාර්ශවයෙන් දරාගත නොහැකි තත්ත්වයක් බවයි. මේ වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනක ඇපදීමක් ලබා දීමේ අපේක්ෂාවන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ “ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි ලෙස තක්සේරු කර ඇති නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 51 ට ආසන්නයි. ඒ අතරට 2001 සිට 2021 දක්වා චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියන 9.95කට ආසන්න ණය ප්‍රමාණය එක් ණය දෙන්නෙකු විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විශාලතම ණය මුදල් ප්‍රමාණයට ඇතුළත් වනවා.