Connect with us

Local News

ගොවීන්ට ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්

Published

on

මෙරට ගොවීන්ට පොහොර මිලදී ගැනීමට සහ වෙනත් කෘෂිකාර්මික යෙදවුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ප්‍රදානය කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් පවසනවා. දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිත ආයතනය හෙවත් USAID හි ප්‍රධාන නිලධාරි සමන්තා පවර් අද පස්වරුවේ ජා-ඇල – ඒකල, යාය ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවුණා. එහිදී ගොවීන් තමන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ඇය දැනුවත් කළා.