Connect with us

Local News

කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිවරයාට ලිපියක්.

Published

on

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්. ජී. පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ. සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා ඒ මහතා ඊයේ ජනාධිපතිවරයා වෙත එලෙස ලිපියක් යොමු කර තිබුණා. ඔහු සඳහන් කළේ, මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති නිසා එම ලිපිය යොමු කළ බවයි.