Connect with us

Breaking News

කන්ද උඩරට අසිරිමත් ඇසළ පෙරහැර ආරම්භ කිරීමට තව දවසයි

Published

on

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් (10) ආරම්භ වනවා.

සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව ආරම්භ වූයේ ගෙවුණු 05 වැනිදායි.

එතැන් පටන් පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර කටයුතු සිදුකෙරෙන අතර අගෝස්තු මස 10 වනදා එනම් හෙට දින පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අගෝස්තු මස 14 වනදා දක්වා කුඹල් පෙරහර 05ක් පැවැත්වෙනු ඇති.

අනතුරුව අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.

පසුදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බවයි දියවඩන නිලමේ නිලංග දෑළ මහතා සඳහන් කළේ.

මේ අතර පෙරහර නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ජල පහසුකම් සහ පෙරහර ආරක්ෂක කටයුතු ද මැනවින් සංවිධානය කරැති බව බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඇසළ පෙරහරේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 5000ක පමණ පිරිසක් රාජකාරියේ යෙදවීමට නියමිත බව සඳහන්.

ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ භට පිරිස් ද යෙදවෙනු ඇති.

එමෙන්ම පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටින්නේ, රැගෙන එන ද්‍රව්‍ය මහමග දමා නොයන ලෙසත්, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන ලෙසයි.