Connect with us

Local News

තවත් කොරෝනා මරණ 5ක් සහ ආසාදිතයින් 143ක් වාර්තා වේ.

Published

on

තවත් කොරෝනා මරණ 05ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16553ක් ලෙසටයි. මියගොස් ඇත්තේ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක්.
වයස අවුරුදු 30ත් 59ත් අතර වයස්කාණ්ඩයේ පසුවන පිරිමි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි 3 දෙනෙකු සහ එක් කාන්තාවක් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 143 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665543ක් ලෙසටයි.
හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 707 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස්ඇති සංඛ්‍යාව 648145කි.