Connect with us

Local News

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියට ඇප

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප නියම කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළ බවට චෝදනා එල්ල වු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 02 වැනිදා අත්ඩංගුවට ගැනුණු අතර අනතුරුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

පැවති දීර්ඝ නඩු විමසීමකින් අනතුරුව මාස 07කට පසු ඔහු ඇතුළු පිරිසට අද මෙලෙස ඇප නියම කෙරුණා.