Connect with us

Local News

සියලු රෝහල්වල හෙට වෛද්‍ය වැඩවර්ජනයක්

Published

on

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) දිවයිනේ සියලු රෝහල් තුළ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

මෙම වෛද්‍ය වැඩවර්ජනය පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් රෝගී ප්‍රතිකාර අඩාළ වීමේ අවධානමක් මතුව ඇති බව සඳහන්ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රතිව්‍යහුගත කිරීම සඳහා දින 14ක කාලයක් ලබාදීමට කටයුතු කරනා බවත් එම කාලය ඇතුළත මේ සඳහා සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ මස අවසානයේදී මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *