Local News
සතොසෙන් සුභ ආරංචියක්
දවස්වල ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ සහල් සහ පොල් මිලේ වෙනසක් සිදුවෙනකල් කිව්වොත් හරි..
ඉදිරියේදී සතොස හරහා සහල් සහ පොල් පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 02 ක් සහ ඉදිරි දෙසතිය තුළ පොල් ගෙඩි ලක්ෂ 10 ක් සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවයි.