Connect with us

Local News

සතිපතා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට.

Published

on

මෙරටින් සතිපතා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මේ වනවිට 2,000කට ආසන්න වී තිබෙනවා. වසරේ ගතවූ මාස කිහිපය තුළ 15,000කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වී තිබෙන අතර මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද ආරම්භ වුණා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වසරේදී සිට මෙරටින් ඩෙංගු රෝගීන් 32,000කට ආසන්න පිරිසක් වාර්තා වී තිබෙනවා. සතිපතා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,954ක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව සතිපතා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මේ වනවිට 2,000කට ආසන්න වී තිබෙනවා. වසරේ ගතවූ මාස කිහිපය තුළ 15,000කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වීමත් සමඟ බස්නාහිර පළාතේ පොලිස් වසම් 124ක ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ඒ, පළාත් පාලන ආයතන, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ බස්නාහිර පළාත් පාරිසරික කොට්ඨාසය ඒකාබද්ධවයි. මිරිහාන පොලිස් වසමේ ඩෙංගු මර්දන වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණා. ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සලසන අයුරින් ගෙවතු පවත්වාගෙන යන නිවෙස් පරීක්ෂා කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අදාළ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඊට සහාය වනවා. මේ අතර ඩෙංගු උවදුරින් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන තිබෙනවා.