Connect with us

Local News

රැට්ටා අත්අඩංගුවට

Published

on

ගාලු මුවදොර ජන අරගලයට නායකත්වය දුන් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද(01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවීමෙන් අනතුරුවයි. රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ට ප්‍රකාශයක් ලබා දීමට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස පසුගියදා දැනුම් දී තිබුණා. අද පෙරවරුවේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණියේ එම නිවේදනයට අනුවයි. මෙහි දී පැය ගණනාවක් රැට්ටා ගෙන් ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් කටයුතු කලා.

Continue Reading