Connect with us

Local News

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවැත්වෙයි.

Published

on

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්වුණා. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය දා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මෙම කාරක සභාවේ සභාපතිත්වයට පත් කරනු ලැබුවා. මේ අනුව 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බැලුණු අතර ඒ සඳහා අනුමතිය හිමිවුණා. මීට අතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ද කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලැබුවා. එසේම කාරක සභාවට ඉදිරිපත් කර තිබූ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග සඳහාද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සදහා සහ රේගු ආ‍ඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.