Local News
මෙරට සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
2024 අගෝස්තු මාසයේ මුල් දින 19 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 117,825 ක් ලෙසින් වාර්තා වන අතර ඒ අනුව මුළු සංචාරකයින් ප්‍රමාණය 1,315,884 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර 2024 මුල් මාස 07 තුළ ඩොලර් බිලියන 1.88 ක විදේශ විනිමය ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට හැකිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.