Connect with us

Local News

මැයි දිනය සඳහා පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙළක් – දේශපාලන පක්ෂ රැසක රැස්වීම් සහ පෙළපාළි හෙට.

Published

on

හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ කොළඹ, නුගේගොඩ, හැටන් සහ මහනුවර යන ප්‍රදේශවල මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව ඉහත ප්‍රදේශවල රථවාහන ගමනාගමනය මෙන්ම ආරක්ෂාව සඳහාද වැඩි අවධානයක් සහ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම කොළඹ නගරයේ පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3500ක් රාජකාරියෙහි යොදවා ඇති බවත් ඔහු පැවසුවා. මේ අතර මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැයි දින රැළි පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභියෝග බිඳ අභිලාෂය ජයගනිමු තේමාවෙන් මෙවර මැයි දින රැලිය පවත්වන්නේ බොරැල්ල කැම්බල් පිටියේදියි.
වැඩකරන ජනතාවගේ අරගලය යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාගනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය. රට විකුණන ජන පීඩක දූෂිත පාලනය පරදවමු – ජනතාවාදී පාලනයක් ගොඩනගමු යන්න තේමා කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ විහාර මහාදේවී උද්‍යානය අසළයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දින රැළිය මහනුවර පොදු වෙළඳපොළ ඉදිරිපිටදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය නුගේගොඩදී පැවැත්වෙන අතර, එහි තේමාව වන්නේ අයි.එම්.එෆ්. උගුලට ඇමරිකානු – ඉන්දියානුකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක් යන්නයි. මේ අතර මැයි රැළි පැවැත්වෙන හෙට දිනයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළා.

Continue Reading