Local News
මර්වින් සිල්වා මුදාහැරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා දැනුම් දී තිබෙනවා. ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 2007 වසරේදී ඔහු ඇතුළු පිරිසක් රූපවාහිනී සංස්ථාවට කඩාවැදී එහි සේවකයින්ට පහරදීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා දැනුම් දුන්නේ කැලණිය ප්‍රදේශයේ ගවයන් ඝාතනය නතරකිරීමට පියවර ගත් ඔහුට ඇප අවශ්‍ය නොවන බවයි.