Connect with us

Local News

පොරොන්දු ගොඩක් ඉදිරියේ රාජ්‍ය සේවකයා අතරමං වෙලා – දිලිත්

Published

on

කළු ආර්ථිකයට නතුවී ඇති මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියට තිත තැබිය යුතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.


රාජ්‍ය සේවකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ 49,000ක පමණ අනුමත කාර්යය මණ්ඩලයකින් සමන්විත කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සාමාජිකයින් ඊයේ (03) සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර හමුවිය.

ඒ, කොළඹ පිහිටි සර්වජන බලය පක්ෂ කාර්යාලයේදීය.

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර එහිදී මෙසේ පැවසිය.

“මේකේ කළු ආර්ථිකය ලොකුයි මේ ආර්ථිකය වගේ 4 ගුණයක්. ඒක නිසා තමයි පඩි වැඩි කරන්න බැරි. දේශපාලන පක්ෂ හරහා විශාල කළු ආර්ථිකයක් තිබෙනවා.

”හැම සමීක්ෂණයකින්ම කියනවා… අඩුම තරමින් 40%ක් ජනතාව… “අපි තාම තීරණය කරලා නැහැ කියලා.”

මේ අතර ඊයේ පස්වරුවේ සර්වජන බලයේ බත්තරමුල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණි.

ඒ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ සහභාගීත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර,

“රාජ්‍ය සේවකයන් පොරොන්දු ගොඩක් ඉදිරියේ අතරමං වෙලා. ඔබ ඔබගේ මනස පාවිච්චි කරන්න. ඔබ අපේක්ෂා කළ වෙනස අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා.”