Connect with us

Local News

පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කරයි

Published

on

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබුණි. 

අදාළ පෙත්සම මෝසමක්  මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. 

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කර තිබුණි.

මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (29) කැඳවන ලදී.