Connect with us

Breaking News

පැරිස් ඔලිම්පික් උළෙල ට තව පැය 13යි

Published

on

සමාරම්භක උත්සවයෙන් අද නිල වශයෙන් ආරම්භ වන මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය වන්නේ ‘Games wide open’ යන්නයි.

ප්‍රංශ අගනුවර මෙලෙස ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන්නේ වසර 100කට පසුව වන අතර, සමාරම්භක උත්සවයේදී සේන් නදියේ කිලෝමීටර 6 ක් දුරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රභූන් රැගෙන යාත්‍රා යැවෙණු ඇති.

මෙම උත්සවයට ප්‍රේක්ෂකයින් 300,000 කට සහභාගී විය හැකි අතර, ප්‍රංශයේ විවිධත්වය පෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බවයි උත්සවයේ කලා අධ්‍යක්ෂක තෝමස් ජොලි පවසා ඇත්තේ.

ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට හොලිවුඩ් තරුවන සෙලීන් ඩියෝන් සහ ලේඩි ගාගා ද සහභාගී වන බව වාර්තා වනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කළ පළමු ක්‍රීඩා උළෙල මෙයවන අතර, ක්‍රීඩකයින් 5,250 ක් සහ ක්‍රීඩිකාවන් 5,250 ක් එහිදී තරග කිරීමට නියමිතයි.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගනුවර සහ ප්‍රංශයේ අනෙකුත් ප්‍රදේශවල දින 18 ක් පුරා පැවැත්වෙන අතර තරඟ 32 ක් තුළ රන් පදක්කම් 329 ක් ප්‍රදානය කරනු ඇති.

Olympic Games Paris 2024

26 July – 11 August, 2024

Continue Reading