Connect with us

Local News

පාසල් සිසුන් දෙදෙනෙකුට යුද හමුදා සෙබළුන් තිදෙනෙකු බරපතල ලෙස පහර දෙයි

Published

on

පාසල් සිසුන් දෙදෙනෙකුට අතින් පයින් පහර දී බරපතල හිංසනයක් සිදුකළ බවට සැකපිට යුද හමුදා සෙබළුන් තිදෙනෙකු මහවැල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්ව ඇති සිසුන් මාතලේ පලලෙපොල මහාබෝධි විද්‍යාලයේ 11වන වසරේ ඉගෙනුම ලබන සිසුන් වනවා.

මෙම සිසුන් විසින් කළ පැමිණිල්ලකට අනුව සැකපිට මෙම යුද හමුදා සෙබළුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහාබෝධි විද්‍යාලයේම ඉගෙනුම ලබන එක් සැකකරුවෙකුගේ සහෝදරයෙකු සමග ඇතිවූ ආරවුලක් මෙම පහරදීමට හේතුවී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Continue Reading