Connect with us

Local News

ප්‍රභූ ආරක්‍ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට රාජකාරියෙන් පිට ඔවුන්ට කඩේ යාම තහනම්

Published

on

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්‍ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ අදාළ අංශයන් භාර අධ්‍යක්‍ෂවරුන් වෙත ඊයේ දැනුම්දී තිබෙනවා.

ඒ, අනුව ප්‍රභූ ආරක්‍ෂකයන් එසේ වෙනත් කටයුතුවල යෙදුණහොත් එම නිලධාරියාට මෙන්ම ඔහු අධීක්‍ෂණ කරනු ලබන නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද පොලිස්පතිවරයා දන්වා තිබෙනවා.

පසුගිය අවධියේදී ඇමැති ආරක්‍ෂක අංශවල ඇතැම් නිලධාරීන් කඩේයෑමටත්, බල්ලන් නෑවීමටත්, පොළේ යෑමටත්, දරුවන් පාසල් සිට නිවෙස්වලට රැගෙන යෑමටත් කටයුතු කර තිබූ බව පොලිස් මූලස්ථානය පවසනවා.

Continue Reading