Connect with us

Local News

පරිසර අමාත්‍යාංශයේ තිබු ඇත් දළ යුගළය නැවතත් වනජීවිය භාරයට

Published

on

පරිසර අමාත්‍යාංශයේ සොබාදහම් පියසේ පිහිටා ඇති අමාත්‍ය නිල කාමරයේ තැන්පත් කර තිබූ දුර්ලභ ගණයේ වටිනාකමකින් යුත් ඇත් දළ යුගල නැවත වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පරිසර, වනජීවී සහ වන සම්පත් විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එය මෙලෙස වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරිය බණ්ඩාර මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

එම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක්ව සිටියා.

2017 වර්ෂයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍ය ධූරය දරනු ලැබූ කාලයේ පරිසර අමාත්‍යාංශයේ අලංකරණය වෙනුවෙන් යැයි සඳහන් කරමින් පරිසර අමාත්‍යාංශයට මෙම අත්දළ යුගළ පවරාගෙන ඇති බව සඳහන්.

මෙම ඇත් දළ යුගල මේ දක්වා අමාත්‍යවරයාගේ නිල කාමරයේ තැන්පත්කර තිබූ අතර වත්මන් විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඉල්ලීමක් පරිදි එය මෙලෙස වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීමට තීරණය කර තිබෙනවා.

එය ඉදිරියේදී වන ජීවී දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට නියමිතයි.