Connect with us

Local News

නාමල් රාජපක්ෂට හා චමල් රාජපක්ෂට සභාපති ධූර.

Published

on

නාමල් රාජපක්ෂට හා චමල් රාජපක්ෂට කමිටු සභාපති ධූර හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස නිතරගයෙන් පත්ව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් විසින් චමල් රාජපක්ෂගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ විසින් එය ස්ථිර කර ඇති බවට සඳහන් වනවා. මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේදී කමිටුවට ඉදිරිපත් වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබඳව ඉදිරියේදී සලකා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව සඳහා නව සභාපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්ව තිබෙනවා.