Local News
දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩවර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.
ඒ අනුව එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වන බවයි ඒ මහතා කියා සිටියේ.
ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.
පවතින ගැටළුවලට නිසි විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.
දුම්රිය ස්ථානාධිපතීවරුන්ගේ බඳවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවලට විසඳුම් අපේක්ෂාවෙන් ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්.