Connect with us

Local News

දිස්ත්‍රික්ක කිහිපයකටම නායයෑමේ අනතුරු ඇඟවීම්.

Published

on

ඉදිරි පැය විසි හතරක කාලය තුළ නිල්වලා ගඟේ, පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, මාතර, මුලටියන සහ දෙවිනුවර යන පහත්බිම්වල සැළකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් මෙන්ම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ වඩාත් සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසයි. මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.