Connect with us

Local News

දැනට මෙම වසරේ ගත වූ කාලය තුළ සxචාරක පැමිණීම ඉහළට

Published

on

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවයි.

පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති සංචාරකයින් සංඛ්‍යාව 218,350 කි.

එමෙන්ම ජනවාරි සහ මාර්තු මාසවලද ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මෙලෙස පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයින් පිරිසකි.

පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වුණේ 1,487,303ක් ලෙසය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *