Local News
තෙල් මිල දැනෙන්න අඩු වෙයිද?
මාසික මිල සූත්‍රයට අනුව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා.
පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යමින් පැවතියා.
නමුත් මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වන බවට මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කළ නැහැ.
ලබන මාසයේ සිට සෞදි ආරබිය චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැනට පහළ අගයක් පැවතීම තුළ ලංකාවේ ද ඉන්ධන මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු කළ හැකි බවයි විශේලේෂකයින් පවසන්නේ.