Connect with us

Local News

තවත් මළසිරුරක් ගෝල්ෆේස් වෙත ගොඩගසයි.

Published

on

වයස අවුරුදු 40 ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන ගාලු මුවදොර වෙරළට ගොඩගසා
තිබෙනවා. අද අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මුහුදේ සිරුරක් පාවෙන බවට ලද තොරතුරක් මත කොටුව පොලිස් ස්ථානයේ පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණද අදාළ මළ සිරුර යළිත් නොපෙනී ගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. එහෙත් අද උදෑසන අටට පමණ මෙම මළසිරුර ගාලුමුවදොර වෙරළට යළි ගොඩගසා තිබෙනවා. ඒ අනුව කොටුව පොලිසිය මෙම මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළසිරුරක් ගෝල්ෆේස් වෙරළ තීරය වෙත ගොඩගසා තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.