Connect with us

Local News

තරග 5ක් අවසානයේ LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ Galle Titans කණ්ඩායමට.

Published

on

LPL තරගාවලියේ පස්වන තරගය ලෙස Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 83ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Galle Titans කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් Tim Seifert පන්දු 39කින් ලකුණු 74ක් රැස් කළ අතර සහ සහ Shakib Al Hasan ලකුණු 30ක් රැස් කළා. Tim Seifert සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 24කින්. ලකුණු 181ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි B-Love Kandy කණ්ඩායමට පන්දුවාර 17.1ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 97ක් පමණයි. අශේන් බණ්ඩාර ලකුණු 27ක් රැස් කළ අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යෑමට ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ හැකියාව ලැබුණේ නැහැ. පන්දු යැවීමේදී Shakib Al Hasan, Tabraiz Shamsi, Richard Ngarava සහ කසුන් රාජිත කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව තරග පහක් අවසානයේ LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ Galle Titans කණ්ඩායමට හිමිව තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහන පහතින්,