Connect with us

Politics

තනතුරු නැතිව රට වෙනුවෙන් වැඩ කරන බව මෛත්‍රී කියයි.

Published

on

කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවී ජනාධිපතිවරයාට සහය දැක්වීමට සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (07) පැවති උත්සවයකට එක්වෙමින්. තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ දී කිසිදු වැසියෙකු කුසගින්නේ නොසිටි බවත් ආහාරපානවල අර්බුදයක් නොවූ බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. නමුත් වත්මන් ජනාධිපතිවරයා යම් යම් සාධනීය අයුරින් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ රට ගොඩගැනීමට උත්සාහ කරන අයුරු පෙනෙන හෙයින් සිය පක්ෂයේ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ.